Documentation
මෙම මඟපෙන්වීම (Documentation) නිර්මාණය කර ඇත්තේ SiteSnap templates නිවැරදිව පාවිච්චි කරන ආකාරය ඔබට කියා දීමටයි. ඔබ වෙබ් නිර්මාණකරණයට ආධුනිකයෙකු වුවද, ඉතා පහසුවෙන් අපගේ templates වෙනස් කරගත හැක.
How it Works
SiteSnap හි සෑම template එකක්ම තනි `.html` ෆයිල් එකක් ලෙස හෝ ෆෝල්ඩර් එකක් ලෙස ඔබට ලැබේ. එහි ප්‍රධාන කොටස් 3කි:
- HTML: වෙබ් අඩවියේ සැකිල්ල සහ අකුරු.
- CSS: වර්ණ, හැඩතල සහ ලස්සන (Styles).
- JavaScript: Animations සහ Interactive වැඩ කෑලි.
Changing Text
වෙබ් අඩවියේ ඇති නම හෝ විස්තර වෙනස් කිරීමට HTML ෆයිල් එක විවෘත කර අදාළ වැකිය (Text) සොයා එය වෙනස් කරන්න.
<h1>Welcome to SiteSnap</h1> ---> <h1>Welcome to My Shop</h1>
Theme Colors
මුළු වෙබ් අඩවියේම ප්‍රධාන වර්ණය (Accent Color) එකවර වෙනස් කිරීමට CSS හි ඇති :root කොටස භාවිතා කරන්න.
--accent: #00f3ff; /* මෙතනට ඔබට අවශ්‍ය පාට ලබාදෙන්න */
--bg: #050505;
}
WhatsApp Integration
පාරිභෝගිකයෙකු බටන් එකක් එබූ විට කෙලින්ම ඔබේ WhatsApp අංකයට මැසේජ් එකක් එන ලෙස සැකසීමට පහත කෝඩ් එකේ ඇති අංකය වෙනස් කරන්න.
<a href="https://wa.me/947XXXXXXXX">Order via WhatsApp</a>
Replacing Images
පින්තූර වෙනස් කිරීමට පවතින පින්තූරයේ ලින්ක් එක (URL) වෙනුවට ඔබේ පින්තූරයේ ලින්ක් එක ඇතුළත් කරන්න. Unsplash වැනි සේවාවන් හරහා ඔබට ලස්සන පින්තූර සොයාගත හැක.
Hosting Guide (Going Live)
ඔබේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීමට (Publish කිරීමට) GitHub Pages භාවිතා කිරීම වඩාත් සුදුසුය.
- GitHub ගිණුමක් සාදා අලුත් Repository එකක් සාදන්න.
- ඔබේ සයිට් එකේ සියලුම ෆයිල්ස් (html, css, js) එයට Upload කරන්න.
- Settings > Pages වෙත ගොස් 'Main Branch' තෝරා Save කරන්න.
- විනාඩියකින් පමණ ඔබට ඔබේ සයිට් එකේ ලින්ක් එක ලැබෙනු ඇත.